ඡන්දය ගැන මහින්දගේ මතය.

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් මෙවර  පළාත් පාලන  මැතිවරණය පිළිබදව අදහස් දක්වමින් ප්‍රකාශ කොට ඇත්තේ එම මැතිවරණය  කල්යාම එතරම් සුදුසු නොවන බවයි. 

රටේ  පවතින තත්වය හා මැතිවරණය පිලිබදව අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ  අප්‍රේල් 25 වනදා මැතිවරණය පැවැත්වීම සුදුසු වූවත් එය එතරම් පහසු තත්වයක් නොවනු ඇති බවයි.

හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩි දුරටත් අදහස් දක්වමින්.

අප්‍රේල් 25 වනදා මේ ඡන්ද විමසීම තියන්න බැරුව ගොඩක් කල්ගියොත් අපේ සීමානිර්ණ වාර්තාව දුන්නට පස්සේ ඒ එක්ක ජනාධිපතිවරයා ගැසට් කළොත් ඊට පස්සේ සමාලෝචන කමිටුවකුත් දාලා ඒක ගියොත් පාර්ලිමේන්තුව තමයි තීරණය කරන් ඕනේ, මේ ගත් නොමිනේෂන්වලින් ඡන්දය තියෙනවද නැද්ද කියන එක. මොන තත්ත්වය වුණත් ඡන්ද වීමසීමක් නියමිත කාලයට වඩා කල් යන එක සුදුසුත් නැහැ. නිලධාරීන්ගේ පාලනයෙන් දීර්ඝ කලක් මේ සභාවල් පවත්වාගෙන යන එකත් සුදුසුත් නැහැ. මම බලාපොරොත්තු වෙනවා අඩුම ගාණේ තව මාස තුන හතරක් ඇතුළතවත්  මේ ඡන්ද විමසීම් අනිවාර්යෙන් පැවැත්වේවී කියලා. අප්‍රේල් 25 තියන්න පුළුවන් නම් හොඳයි. නමුත් තියන්න අමාරු බව තමයි දැන් පෙනෙන්නේ. මොකද තැපැල් ඡන්දය සඳහාවත් ඡන්ද පත්‍රිකා රජය මුද්‍රනාලයෙන් ලැබෙන්නේ නැති තත්ත්වයක් යටතේ.”

Exit mobile version