පාස්කු ප්‍රහාරයට පෙර 2018 වසරේ දී සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තවාදීන් පිළිබඳ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ මුලිකත්වයෙන් ආරම්භ කර තිබු පර්යේෂණ නවතා දමන ලෙස නියෝගයක් ඇතුළත් ලිපියක් එවකට නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා අත්සනින් යුතුව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා හරහා නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා වෙත යොමුකර තිබු බවට අනාවරණය වී ඇති බව වාර්තා වේ.
අමාත්‍යංශ ලේකම්වරයා හරහා මෙම නියෝගය ලබා දී ඇත්තේ එවකට ජනාධිපති ධුරය දැරූ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බව ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වන ශ්‍රී ලාල් ප්‍රියන්ත මහතා අනාවරණය කර තිබේ.
ඒ අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සංවාදයකට එක් වෙමිනි.
ඉන් පසුව නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා ජනාධිපති සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණ සිදුවීමක පටලවා සියලු පරීක්ෂණ යට ගසා දැමූ ආකාරයද ඔහූ මෙහිදී අනාවරණය කර තිබේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා පහත විඩියෝව නරඹන්න .
