පොලිස් විශේෂ කාර්‍ය බලකාය සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමකදී හෙරෝයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම මෙහෙයවන තොටළග කුමාරිගේ ප්‍රධාන ගෝලයෙකි.
අනුවර්තන නාමයෙන් ඔහු මාකොළ චූටා ලෙස හදුන්වනු ලබයි.
මාකොළ පාර,කනත්ත හන්දියේදී සිදුකළ වැටලීමකට අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා 50 වැනි වියේ පසුවන අතර ඔහු ඉදිරි විමර්ශණ කටයුතු සදහා සපුගස්කන්ද පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිත බව සඳහන්.
