මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩි තැබීමක්.

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක් සිදුව තිබෙන බව වාර්තා වේ .

පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බවයි.

ත්‍රීරෝද රථයක් ඉලක්ක කර වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර, එහි සිටි කුඩා දරුවෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

වෙඩි තැබීම සම්බන්ධයෙන් මරදාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Exit mobile version