මාලිගාවත්ත වෙඩි තැබීමේ සැකකරු කොටු වෙයි.

පසුගිය පළමුවැනිදා මාලිගාවත්ත ප්‍රදේශයේ වෙඩි තබා පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකළ සිදුවීමේ වෙඩික්කරු පැමිණි යතුරුපැදිය පැදවූ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි අයෙකි.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති මෙම සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 180 ක් ද සොයාගත් සොයාගත් බව පොලීසිය වැඩිදුරටත් අනාවරණය කර තිබේ.

එමෙන්ම දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින කවී නැමැත්තාගේ ගෝලයකු ලෙස සැකකරු කටයුතු කර ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

Exit mobile version