ඊයේ (12) මාලිගාවත්ත , ජෝතිපාල මාවතේ දී පරීක්ෂා කළ යතුරුපැදියක තිබී සොයා ගත් හෙරෝයින් ග්‍රෑම් 32 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු මාලිගාවත්ත පොලිසිය විසින් සිදු කරනු ලබයි.
