හෙරෝයින් සමඟ අයෙක් අත්අඩංගුවට.

ගෙවල් බිඳ දේපළ සොරකම් කිරීමේ සිද්ධීන් දෙකකට සම්බන්ධ සැකකරුවෙක් ගල්කිස්ස යශෝරාපුර ප්‍රදේශයේ දී  හෙරෝයින් සමඟ අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මොහු සන්තකයේ හෙරෝයින් ග්‍රෑම් 5 මිලි ග්‍රෑම් 100 ක් තිබූ බවත් , සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ මීට පෙර සොරා ගන්නා ලද පාපැදි දෙකක් , යකඩ ගේට්ටු දෙකක් සහ යකඩ ග්‍රීල් හතරක් පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

සැකකරු රත්මලාන ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙක් වන අතර ඔහුව අද (06) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව සඳහන් වේ.

Exit mobile version