ගෙවත්තකින් ගිනි අවි ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගැනේ.

කුරුණෑගල ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගිනි අවියක් ඇතුළු භාණ්ඩ රැසක් කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සොයාගෙන ඇති බව වාර්තා වේ.

මල්ලවපිටිය උඩයාර් මාවත ප්‍රදේශයේ නිවසක් මිලදී ගත් පුද්ගලයකු ගෙවත්ත පිරිසිදු කිරීමේ දී සැකකටයුතු පාර්සලයක් තිබෙන බවට ලබා දුන් තොරතුරක් මත පොලිස් නිලධාරීන් විසින් පරික්ෂා කිරීමේදී එම පාසලේ තුළ තිබී කුඩා ප්‍රමාණයේ රිවෝල්වර අවියක් , නොම්බර 12 උණ්ඩ යොදන ගල්කටස් අවියක්,නොම්බර 12 උණ්ඩ දෙකක්, රම්බෝ මාදිලියේ පිහි හතක්,වක් පිහියක්,මූනිස්සම් බෝල ග්‍රෑම් හාරසිය විස්සක්,ජිල් බෝල අසූ හතරක්,තුන්හුලස් වර්ගය රතිඤ්ඤා දහයක් සොයාගත් බව පොලිසිය පවසයි.

එම පාර්සලය සඟවා තිබී ඇත්තේ නිවසේ වතුර බැසයාමට සකස් කර තිබූ ගලි වල තුළ බව පොලිසිය අනාවරණය කරනු ලබයි.

මේ සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් සිදුකරනු ලබයි.

Exit mobile version