ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව විෂ ශරීගතවීම හේතුවෙන් විශාල පිරිසක් මියයන බව ජාතික විෂ පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානය ප්‍රකාශ කොට ඇති බව වාර්තා වේ.
එම මධ්‍යස්ථානයේ දත්තයන්ට අනුව නිවෙස් ආශ්‍රිතව සිදුවන බොහෝ ක්‍රියාකාරකම් හේතුවෙන් විවිධ විෂ වර්ගයන් ශරීරගත වන බවත් වාර්ෂිකව එවැනි රෝගීන් 70000ක් පමණ ප්‍රතිකාර සඳහා රෝහල් ගත වන බව විෂ පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන මහතා ප්‍රකාශ කොට තිබේ.
