පුද්ගලයින් රැසක් ආරක්ෂිත ස්ථාන වෙත යවයි.

නාය යාමේ අවදානමක් මතුවී ඇති  ඌවපරණගම ගලහගම වසමේ පදිංචි පවුල් දාහතරක පුද්ගලයන් හතළිස් දෙදෙනකු ආරක්ෂිත පියවරක් වශයෙන් පදිංචි ස්ථානවලින් වහාම ඉවත් කළ බවට ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසා ඇති බව වාර්තා වේ.

ඉවත් කළ පවුල් 8 ක,27 දෙනකු අලුත්වල මුස්ලිම් පල්ලියේ ද පවුල් 07 ක පුද්ගලයන් 15 දෙනකු ගලහගම ථූපාරාමයේ ද රඳවා තිබේ.

මේ අතර ඇල්ල ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාසයේ උඩුවර පවුල් තුනක පුද්ගලයින් ආරක්ෂිත ස්ථානයකට ඉවත් කර ඇති බව වාර්තා වේ.

මහ වැස්සත් සමග නායයාමේ පූර්ව ලක්ෂණ පහළ වූ බැවින් ආරක්ෂිත පියවරක් වශයෙන් මෙම නිවෙස්වල පදිංචි පවුල් ඉවත් කළ බවට බදුල්ල ආපදා කාරණා කරන මධ්‍යස්ථානය පවසයි.

Exit mobile version