උඩරට මාර්ග රැසක් මීදුමෙන් වැසෙයි – රියදුරන්ට අනතුරු ඇඟවීම් .

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ඝන මිදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇත.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයෙත් , හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයෙත් , අතුරු මාර්ග වලත් ඝන මිදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් රථ වාහන ධාවනයේදි ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

( සරත් සමරනායක )

Exit mobile version