මර්වින් සිල්වා අධිකරණයට.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහි පැමිණිල්ල අද (23)   අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී එම පැමිණිල්ල නොවැම්බර් මස 07 වන දින නැවත කැඳවන ලෙසත් , එම කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බව වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන කටයුතු කරන ලෙස විමර්ශන සිඳුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටි බව සඳහන්.

Exit mobile version