මත්සූර් කොස්තාපල්ගේ වැඩ තහනම්.

හෙරෝයින් හා අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කළ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

මෙලෙස වැඩ තහනමකට ලක්ව ඇත්තේ පාර්ලිමේන්තු ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකි.

පොලීසිය සඳහන් කරන්නේ මෙම පොලිස් කොස්තාපල්වරයා මත්ද්‍රව්‍ය පානය කරන බවට ලද තොරතුරක් මත පසුගිය 15 වන දින කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුත්‍රා සාම්පල පරීක්ෂාවේ දී තොරතුරු තහවුරු වූ බවයි.

Exit mobile version