දරුවෙකුට පහරදුන් මවුලවී අත්අඩංගුවට .

මඩකලපුවල කාත්තන්කුඩි ප්‍රදේශයේ අට හැවිරිදි දරුවෙකුට පහරදුන් බවට සැකපිට මවුලවීවරයෙක්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ සෙනසුරාදා රාත්‍රී එම දරුවා ඉගෙනීම් කටයුත්තක් සඳහා පල්ලියට ගිය අවස්ථාවේ සැකකරු විසින් පොල්ලකින් පහරදී ඇති බවයි.

පාඩම් කිරීමට පවරන ලද පාඩමක් නිසි පරිදි කට පාඩම් නොමැති වීම හේතුවෙන් අදාළ දරුවාට පහරදී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

Exit mobile version