මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාපතනයත් සමඟ මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි 12 කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ජලාශ භාර ඉංජිනේරුවරයා සඳහන් කර සිටියේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට පැමිණීමට තවත් අඩි 22 ක් පමණ අවශ්‍ය බවයි.
පසුගිය කාලයේ පැවති වියලි කාලගුණය හේතුවෙන් ජලාශයේ මතුව තිබූ ආගමික සිද්ධස්ථාන මේ වනවිට නොපෙනී යමින් පවතින බවද වාර්තා වේ.
ලක්ෂපාන විදුලිබලාගාර සංකීර්ණයට අයත් කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන සහ පොල්පිටිය යන විදුලිබලාගාර සඳහා ප්‍රධාන වශයෙන් ජලය සපයනු ලබන්නේ මාවුස්සා කැලේ ජලාශයෙනි.
