ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අරමුණින් ඖෂධ සඳහා සුදුසුකම් ලත් ලියාපදිංචි සැපයුම්කරුවන් ප්‍රමාණය ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරියට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.
ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දීයි.
ඒ හරහා ඇතැම් ඖෂධ සැපයීමේ දී පවතින ඒකාධිකාරීත්වය වෙනුවට තරගකාරීත්වයක් ඇති වෙමින් ඒ තුළ ඖෂධ හිඟය හා මිල ඉහළ යාම වැනි තත්ත්වයන් පාලනය කර ගැනීමට හැකි වනු ඇති බවත් , වෛද්‍ය සැපයුම් අංශය සතු ජීවිතාරක්ෂක හා අත්‍යවශ්‍ය ඖෂධ තොග වසරකට ප්‍රමාණවත් වන පරිදි පවත්වාගෙන යාමේ ප්‍රතිපත්තියක් සකස් කරන ලෙසත් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා එහි දී සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව සඳහන්ය.
