පදක්කම්ලාභී මලල ක්‍රීඩා කණ්ඩායම දිවයිනට.

25 වෙනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

තායිලන්තයේ බැංකොක් නුවර සිට ඊයේ (17) රාත්‍රී දිවයිනට පැමිණි එම පිරිස පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශය, මලල ක්‍රීඩා සංගමය ඇතුළු ආයතනවල නිලධාරීන් මෙන්ම පාසල්වල ගුරු සිසු පිරිසක්ද සහභාගී වූ බව සදහන්.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම එම තරගාවලියේදී රන් පදක්කම් 03ක් රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 03ක් සමගින් සමස්ත ලකුණු සටහනේ සිව්වන ස්ථානය දිනාගැනීමට සමත් වී තිබේ.

Exit mobile version