සෑම පුරවැසියෙකුටම යම් වෛද්‍ය රක්ෂණයක් ලබාදීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ අනුව රජයේ රෝහලෙන් හෝ පුද්ගලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම සම්බන්ධයෙන් ජනතාවට තීරණය කළ හැකිය.
ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කරනු ලැබුවේ එමෙන්ම සෞඛ්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදේශිකයන් මෙරටට ගෙන්වා ගැනීමට නම් වෛද්‍ය සංචාරක ව්‍යාපාරය සහ උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බවත් , ඒ වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ නැවත අවධානය යොමු කිරීමට නියමිත බවත් ය.
