ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සමග පැයක පමණ සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කර තිබේ.
මෙම සාකච්ඡාවේ දී ඉදිරි අයවැය සම්බන්ධයෙන් සාකච්ඡාවකට ලක්ව ඇති අතර සහන ලබාදීම පිළිබඳව ද දීර්ඝ වශයෙන් දෙපාර්ශවය අතර සාකච්ඡා කර තිබේ.
එමෙන් ම ඉදිරි දේශපාලනික කටයතු සම්බන්ධයෙන් ද සාකච්ඡා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර තිබේ.














































