වත්මන් පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රීවරයෙකු තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදෙන මෙන් මුදල් අමාත්‍යාංශයට කිසිදු ඉල්ලීමක් සිදුකර නොමැති බවට වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඔහු අද (22) පාර්ලිමේන්තුවේදී සදහන් කළේ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළේ යැයි පවසමින් මේ සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාරය අසත්‍ය බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තීරුබදු රහිත වාහන බලපත්‍ර ඉල්ලා ඇති බවට විවිධ වාර්තා පසුගිය දින කිහිපයේ පළවී තිබූ බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශ බලධාරීන් සිදු නොකළ බවද වැඩබලන මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් සදහන් කර තිබේ.
