සෝම හාමුදුරුවන්ගේ අපවත්වීම කුමන්ත්‍රණයක් බවත් , ආණ්ඩුව අවදියෙන් නොසිටියොත් තවත් ස්වාමීන් වහන්සේලා අපවත් වේවි යන්නත් හිටපු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.
වැඩි දුරටත් අදහස් දැක්වූ මර්වින් සිල්වා මහතා ,
” දෙමළ මන්ත්‍රීවරු ඩයස්පෝරාවෙන් සල්ලි අරගෙන උතුරේ ජනතාව රවට්ටලා දෙමළ මිනිස්සු කුලප්පු කරනවා.”
” පාස්කු ප්‍රහාරය ගැන මහින්දලා මෛත්‍රීපාල සිරිසේනලා දන්නවා ප්‍රධාන සාක්ෂිකරුවන් හැටියට ඔවුන්ව ගන්න ඕන . මෛත්‍රීපාලගේ කොන්ද පණ නැති එකයි මහින්දලාට බලය ගන්නයි , සිංගප්පූරු ගියා මහින්දලාට බලය ලබාගන්න පාස්කු ප්‍රහාරය කරාද දන්නෙ නෑ.”
” අපේ බලශක්තිය විදේශ රටවලට යටත් වුනොත් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නේ නෑ
ලංකාවේ මුදල් භාවිතා නොකර විදේශගත මුදල් පාවිච්චි වුනොත් අපේ රටේ ලාංකිකභාවය නැතිව යනවා. මේවා නවත්තපල්ලා කියලා ඉල්ලනවා. “
” රණවිරුවන් ජීවිත පූජා කරලා බේරගත්තු රට ඇමරිකාවටයි චීනයටයි දෙන්න ඕනෙද ? මාධ්‍ය ජනතාව ආරක්ෂා වෙන්නේ ත්‍රිවිධ හමුදාව පොලිසිය නිසා. “
” ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝල් එකට කොටු කරන්න එපා . අපිට වර්ග තියෙනවා. ඔලු නෑ පාර්ලිමේන්තුවේ ඉන්න වයින් ස්ටෝස් කාරයෝ කුඩු කාරයෝ ඉවත් කරලා අලුත් මූණවල් ටිකක් ගේන්න ඕන. “
” මගේ පුතා වැරැද්දක් කළා. මම ඇමතිකමෙන් අයින් වුණා. ඒ වගේම ගෞරවය තියාගෙන කොන්ද පණ තියාගෙන කෙහෙළියටත් ඉල්ලා අස්වෙන්න කියලා කියනවා. “
වීඩියෝව පහතින් ,
මර්වින් සිල්වා
(මාධ්‍ය සාකච්ඡාව)