පෙර පාසල්වලට ඇමති වැට බඳී.

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබා දෙන පුහුණුව හෝ පෙර පාසල් ඩිප්ලෝමාවක් නොමැතිව ඉදිරියේදී පෙර පාසල් පවත්වාගෙන යෑමට අවස්ථාව ලබා නොදෙන බවට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

නිසි ක්‍රමවේදයක් නොමැතිව අවිධිමත්ව පෙර පාසල් පැවැත්වීමට අවස්ථාව ලබා දිය නොහැකි බවට අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
 
මෙරට පෙර පාසල් ගුරුවරුන් හතලිස් දහසක් සහ විවිධ වර්ගවල පෙර පාසල් දහනව දහසක් පවතින බවට ඔහු සඳහන් කර තිබේ.
 
ඒ හේතුවෙන් සියලු දරුවන් පාසල් අධ්‍යාපනයට එක් වීමේදී ගැටළු සහගත තත්ත්වයක් පවතින බැවින් යම් රාමුවක් තුල නිශ්චිත ක්‍රමවේදයක් යටතේ අදාල පෙර පාසල් පැවැත්වීම අත්‍යාවශ්‍ය බවද ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version