මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාට එරෙහිව ඇති චෝදනා 05ක් මත එතුමාව ඉවත් කිරීමට තීරණය කර ඇති බව ජනක රත්නායක මහතා ඉවත් කිරීමට අදාළ පාර්ලිමේන්තු විවාදයේ දී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
වාර්තා වන ආකාරයට එම චෝදනා වනුයේ ස්වාධීන කොමිෂන් සභාවක කටයුතු ඒකපාර්ශ්විකව සිඳුකිරීම , නඩුවක් තිබිය දී එය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම , විදුලිය සඳහා ගැලපුම් ගාස්තු පිළිබඳ කිසිඳු අධ්‍යනයක් නොකර දේශපාලන අවශ්‍යතා අනුව ගැලරිය පිනවීමට ප්‍රකාශ නිකුත් කිරීම , විදුලිබල මණ්ඩලය සමඟ එක්ව විදුලිය මිලදී ගැනීමේ සමාගමක් පවත්වාගෙන යාම සහ සාමූහික තීන්දු නොගෙන ස්වාධීන තීරණ ප්‍රකාශ කිරීම බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
