ජල සම්පාදන සේවකයින් ගැන ඇමතිගේ හෙළිදරව්ව.

ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ විශාල සේවක පිරිසක් දේශපාලන පත්වීම් මත සේවයට බැඳුණු අය බවට අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේදී වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ,සේවකයින්ගෙන් 70%ක් පමණ නුපුහුණු සේවකයින් බවයි.

බොහෝ අංශවල සේවක පුරප්පාඩු පවතින බවත් සමහර අංශවල සේවක අතිරික්තයක් පවතින බවත් ඒ මහතා ප්‍රකාශ කර තිබේ.

මේ තත්ත්වය මත අලුතෙන් සේවකයින් බඳවා ගැනීමට කිසිදු අදහසක් නොමැති බවට අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

Exit mobile version