ආරක්ෂක අමාත්‍යංශය කෝපා කමිටුව හමුවට.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව වෙත ආරක්ෂක අමාත්‍යංශය කැඳවා ඇති බව වාර්තා වේ.

කාරක සභාව අද පස්වරු 02ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයේදී එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත බව සදහන්.

ආරක්ෂක අමාත්‍යංශයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත අතර ඊට අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් සහභාගි වීමට නියමිත බවද ආරක්ෂක අමාත්‍යංශය පවසා තිබේ.

මේ අතර අයවැය කාරක සභා අවස්ථා විවාදයට අදාළව අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වේ.

Exit mobile version