අනියම් පෙම නිසා වූ අකරතැබ්බය.

අනියම් සම්බන්ධතාවයක් පවත්වා ලබාගත් ඡායාරූප ප්‍රසිද්ධ කරන බව පවසමින් රන් භාණ්ඩ බලෙන් ලබාගත් තරුණයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වා ඇය කාමරයක් තුළට රැගෙන ගොස් ලබාගත් ඡායාරූප එම කාන්තාවගේ සැමියාට පෙන්වන බවට අදාළ සැකකරු පවසා කාන්තාව බිය ගන්වා ඇය සන්තකයේ තිබූ රුපියල් 1,785,000ක් වටිනා රන් භාණ්ඩ බලෙන් ලබාගැනීමක් සම්බන්ධයෙන් ඊයේ (19) උදෑසන මීගමුව පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබූ බව සදහන්.

ඒ අනුව සිදුකළ විමර්ශනයේ දී සිදුවීමට අදාළ සැකකරු මීගමුව පොලීස් වසමේ ගෝමස්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 23ක් වූ ගෝමස්වත්ත, මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී සැකකරු විසින් බලෙන් ලබාගත් රන් මාලයක් මීගමුව නගරයේ වෙළෙඳසැලකට විකුණා තිබිය දී රන් මාලය උණුකර ග්‍රෑම් 4ක් බරැති රන් ගුලිය සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද (20) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

මේ පිළිබඳව මීගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Exit mobile version