ඊයේ (7) දින රාත්‍රි කාලයේ කියෙව් ඇතුළු යුක්‍රේනයේ පිහිටි නගර රැසකට රුසියානු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර රාශියක් එල්ල කර ඇති බව වාර්තා වේ.
ඒ රුසියාව විසින් අද (09) දින සිය ජයග්‍රහණයේ දිනය සැමරීමට නියමිතව සිට ඇති අවසථාවක බවයි වාර්තාවන්නේ.
පසුගිය දින 08ක් ඇතුලත රුසියාව විසින් එල්ල කරනලද සිව්වන ප්‍රහාර මාලාව මෙය වන බවත් ඊයේ එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරය රුසියාව විසින් එල්ල කරනලද විශාලතම ඩ්‍රෝන ප්‍රහාර මාලාව බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එම ප්‍රහාර ඉන්ධන ගබඩා, ආහාර ගබඩා ඉලක්ක කර එල්ලකර ඇති බවත් එම ප්‍රහාරවලින් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා ඇති බවත් කියෙව් නගරාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
