පසුගිය මැයි පළමු වනදා කොලොම්බියාවේ සිදුවූ මාරක ගුවන් අනතුරින් වයස අවුරුද්දක ළදරුවෙක් ඇතුළු දරුවන් සිව් දෙනෙක් අතුරුදන් වූ අතර ඔවුන්ගේ මව සහ නියමුවන් දෙදෙනා මියගිය ගොස් තිබේ.
පසුව කළ සෝදිසි මෙහෙයුම් වලින් පසුව එම දරුවන් නිරුපද්‍රිතව සොයා ගැනීමට හැකිවූ බව වාර්තා වේ.
මෙම අනතුර සිදුවී දින 40 ට පසුව මෙලෙස අතුරුදන් වූ දරුවන් සොයා ගැනීම විශේෂත්වයක් බව සඳහන්.
