ඊශ්‍රායලයේ අතුරුදන් වූ කාන්තාව මිය ගිහින්.

ඊශ්‍රායලයේදී අතුරුදන් වූ බවට සඳහන් වූ ශ්‍රී ලාංකික කාන්තාව මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

එම කාන්තාව හමාස් සටන්කරුවන් අතින් ඝාතනය වී ඇති බවට එරට බලධාරීන් විසින් තහවුරු කර ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කර තිබේ .

ඒ අනුව මෙලෙස මියගොස් ඇත්තේ අනුලා ජයතිලකයි.

ඇයගේ දේහය දින දෙකක් තුළ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලැබීමට නියමිත බවද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ .

Exit mobile version