ඇල්ලවල ඇල්ලේ අතුරුදහන් තරුණයන් සොයා ගැනේ.

වැල්ලවාය-ඇල්ලවල දිය ඇල්ලේ ගිලී ඊයේ (21)අතුරුදහන් වූ තරුණයින් හතර දෙනාගෙන් තුන් දෙනෙකුගේ මළ සිරුරු අද (22)පෙරවරුවේ සොයා ගෙන තිබෙන බවට වාර්තා වේ.

ඊයේ (21)එක් තරුණයෙකුගේ සිරුර සොයා ගත් අතර පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් අනෙක් සිරුරු සොයා ගැනීමට නොහැකි වූ අතර අද නාවික හමුදා කිමිදුම්කරුවන් සිදුකල මෙහෙයුමකදී අනෙකුත් තරුණයන් තිදෙනාගේ සිරුරු සොයා ගෙන තිබේ.

Exit mobile version