මෝදි ජයටම උපන්දිනය සමරයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ 73 වන ජන්ම දිනය අදට (17) යෙදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව නිල රාජකාරී කටයුත්තක් වෙනුවෙන් දුම්රියෙන් ගමන් කරමින් සිටි අගමැති මෝදි ට ජනතාවගෙන් උණුසුම් උපන්දින සුබ පැතුම් හිමි වූ අයුරු ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

එහිදී ඔහුට සුබ පැතුම් එක්කළ කුඩා ළමුන්ට චොකලට් ලබා දුන් බවද වාර්තා වේ.

පසුව ඔහු දිල්ලි මෙට්‍රෝ දුම්රිය සමාගමේ කාර්ය මණ්ඩලය සමග ද සුහද කතාබහක නිරත වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Exit mobile version