සංචාරයක් සඳහා මෝදි ඇමෙරිකාවට.

ඇමෙරිකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතා පුළුල් කිරීමේ අරමුණින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇමෙරිකාවේ සංචාරයක නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සංචාරය අතරතුරේදී දෙරට අතර ආයෝජන සබඳතා සහ වෙළඳ සබඳතා ඉහළ නැංවීම සඳහා සහ රටට ඔරොත්තු දෙන ගෝලීය සැපයුම් දාමයන් ගොඩනැගීම සඳහා පවතින අවස්ථා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන බව සඳහන් වේ.

එමෙන්ම මෙම සංචාරය අතරතුරේදී නරේන්ද්‍ර මෝදි ඇමෙරිකාවේ ප්‍රමුඛ පෙළේ ප්‍රධාන විධායක නිලධාරීන් කිහිප දෙනෙකු හමුවීමට නියමිත අතර ඇමෙරිකානු ජනාධිපති ජෝ බයින්ඩින් සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයකට ද එක් වීමට නියමිතව තිබේ. අනතුරුව ධවල මන්දිරය තුළ දී සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

Exit mobile version