දීර්ඝ කාලයක පටන් වාද්දූව , මොරොන්තුඩුව , වස්කඩුව , පොතුපිටිය යන ප්‍රදේශවල හෙරෝයින් ජාවාරමේ යෙදුණු මහේෂ් මදුශංඛ ප්‍රනාන්දු හෙවත් මොල්ලිගොඩ භූතයා වාද්දූව පොලිසිය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
ඔහු වාද්දූව මහාවිහාර පාර ප්‍රදේශයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී හෙරෝයින් ග්‍රෑම් 7 මිලිග්‍රෑම් 200ක් සොයා ගෙන තිබේ.
සැකකරු දීර්ඝ කලක පටන් මෙම යතුරුපැදියෙන් ගොස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී ඇති අතර ඔහුට හෙරෝයින් ජාවාරම් සම්බන්ධයෙන් අධිකරණ නඩු කටයුතු කිහිපයක්ම විභාග වෙමින් පවතින බව සඳහන් වේ.
සැකකරු වාද්දූව , මොල්ලිගොඩ ග්‍රාම සංවර්ධන පාර ප්‍රදේශයේ පදිංචි 21 ක් හැවිරිදි අයෙක් වන අතර මොහුව අද (08) පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.
