දුම්රිය ප්‍රමාදයත් සමඟ ආරක්ෂාව ගැනත් වැඩි අවධානයක්.

දුම්රිය නියාමක සංගමය ක්ෂණිකව ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද (04) සවස් කාලයේදී දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළ අතර අද (04) උදෑසන මාළිගාවත්ත දුම්රිය අංගනයේදී උප නියාමකවරයෙකු හා දුම්රිය ආරක්ෂක සේවයේ නිලධාරීයෙකු විසින් ගැටුමක් ඇති කරගෙන තිබුණි.

මෙහිදී උප නියාමකවරයාට පහරදී ඇති අතර ඒ හේතුවෙන් එම ප්‍රහාරය එල්ල කළ දුම්රිය ආරක්ෂක සේවයේ නියුතු සේවකයාගේ සේවය අත්හිටුවන ලෙස ඉල්ලා නියාමක සංගමය විසින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබේ .

මේ හේතුවෙන් දුම්රියෙන් ගමන් කිරීම සඳහා පැමිණ සිටි ජනතාව දැඩි පීඩාවට පත්වී තිබෙන අතර මේ වනවිට කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ආරක්ෂාව ලබාදී ඇති බව වාර්තා වේ .

Exit mobile version