ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව ගැන වැඩි අවධානයක් .

ජාතික කණ්ඩායමේ සහ දේශීය කණ්ඩායම් සඳහා ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී තීරණයක් ගැනීමට ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙන බව වාර්තා වේ .

ඒ අනුව ඔක්තෝම්බර් මස පළමුවැනිදා සිට එරට ක්‍රිකට් ක්‍රීඩකයින් පිතිකරණයේ යෙදෙන විට අනිවාර්යයෙන්ම ඔවුන්ගේ ආරක්ෂිත හිස් වැසුම් සඳහා ගෙල ආවරණ සවි කරගත යුතුව තිබේ .

එරට බලධාරීන් පවසන්නේ වේග වේගපන්දු යවන්නන්ට සහ මද වේග පන්දු යවන්නන්ට මුහුණ දෙන විට පිතිකරුවන් එම ආරක්ෂිත උපාංග සවිකර ගැනීම අනිවාර්‍යයෙන් කළ යුතු බවයි .

ඕස්ට්‍රේලියාවේ සිටි සුපිරි වමත් පිතිකරුවෙකු වූ පිලිප් හියුස්ගේ ගෙල පිටුපසට පන්දුවක් වැදීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්වීමත් සමග ආරක්ෂක හිස්වැසුමට ගෙල ආවරණයක් හඳුන්වාදීම 2015 වර්ෂයේ දී සිදු කළ නමුත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සිටින ඩේවිඩ් වොනර් සහ ස්ටීව් ස්මිත් එය පැලඳගෙන පිතිකරණයේ යෙදීමට වැඩි කැමැත්තක් නොදක්වන බව සඳහන්.

Exit mobile version