උත්සව සමය වෙනුවෙන් අද (30) දින සිට තවත් වැටලීම් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කර තිබේ.
ඒ අනුව එම වැටලීම් 2024 ජනවාරි 15 දක්වා සිදු කෙරෙන බව වාර්තා වේ .
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතීඥ ශාන්ත නිරිඇල්ල මහතා පැවසුවේ
නිවාඩු දිනවලදී ද නිලධාරීන්ට රාජකාරි පැවරීමට කටයුතු කරන බවත් , තොග ගබඩා කිරීමෙන් සහ නියමිත උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට භාණ්ඩ විකිණීමෙන් වළකින ලෙසත් ය .
තවද පාරිභෝගිකයන් සඳහා භාණ්ඩවල මිල ද ප්‍රදර්ශනය කළ යුතු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී .
