නැන්දම්මා – ලේලි කොසු වලියක් – නැන්දම්මා රෝහලේ – ලේලිය නැන්දම්මාට වැඳ සමාව ගනී.

ලේලිය විසින් නැන්දම්මාට කොස්සක් කැඩෙන තුරු සිදු කළ පහර දීමකින් බරපතළ තත්ත්වයෙන් පසු වූ නැන්දම්මා රෝහල් ගත කළ බව වාර්තා වේ .

මොවුන් දෙදෙනා එකම නිවසේ වාසය කර ඇති අතර බහින් බස් වීමක් දුර දිග යාම හේතුවෙන් ලේලිය විසින් මුළුතැන්ගෙයි තිබූ කොස්සක් ගෙන එය කැඩෙන තුරු නැන්දම්මාට පහර දී තිබේ. මෙම පහරදීම හේතුවෙන් නැන්දම්මාගේ දකුණු අතෙහි අස්ථි බරපතළ ලෙස බිදීමකට ලක්ව ඇති බව සඳහන් . පසුව ඇය ප්‍ර්‍රතිකාර සඳහා වතුපිටිවල රෝහල වෙත ඇතුළත් කර පසුව ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ පැමිණිල්ලකට අනුව ලේලිය අත්අඩංගුවට ගෙන තිබේ.

නමුත් පොලිසිය ඉදිරිපිටදී ලේලිය විසින් නැන්දම්මාගෙන් සමාව ලබා ගෙනඇති අතර මින් පසු සාමකාමීව ජිවත් වන බවට එහිදී පොරොන්දු වී ඇති බව වාර්තා වේ .

Exit mobile version