වන අලි ප්‍රහාරයෙන් මවක් මරුට.

අනුරාධපුර තලාව,ඉහළ වැව ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් එක් දරු මවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වේ.

63 හැවිරිදි කාන්තාවක් වන ඇය සිය රැකියාව සදහා අද (17) උදෑසන 6.30 ට පමණ නිවසින් පිටව අනුරාධපුර තලාව ප්‍රධාන මාර්ගයට පිවිසෙන අතුරු මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව එතනදීම ජීවිතක්ෂයට පත්ව තිබූ බව සදහන්.

මෙම මාර්ගය සමීපයේ තලාව මොරගොඩ රක්ෂිතය ආවරණය වන පරිදි අලි අගලක් සහ විදුලි වැටක් පැවතියද එය නිසියාකාරව ඉදි කර නොමැති බවට ගම්වාසීන් චෝදනා නගති.

Exit mobile version