මව් කිරි සිර වී බිළිදෙක් මෙලොව හැරයයි.

යාපනය, වඩ්ඩුකෝඩ්ඩෙයි ප්‍රදේශයේ මාස තුනක බිළිදෙකු මව්කිරි සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .

දරුවාගේ මව පසුගිය 23 වැනිදා රාත්‍රියේ මව්කිරි ලබාදීමේ දී පිටඋඟුරේ යෑම හේතුවෙන් මව්කිරි සිරවී බිළිදාව රෝහල්ගත කර තිබේ .

යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පදිංචි ක්‍රිෂ්ණකුමාර් හරිහරන් නැමති මාස තුනක් වන මෙම දරුවා රෝහල්ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන් .

මියගිය දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ (24) යාපනය රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැත්වු අතර, එහිදි අනාවරණය වී ඇත්තේ මව්කිරි පෙනහළු ආශ්‍රිතව සිරවීමෙන් දරුවා මියගොස් ඇති බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර ඥාතීන් වෙත භාරදුන් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබේ .

Exit mobile version