යතුරුපැදි සොරා දෙහිවලදී කොටුවෙයි.

දෙහිවල ප්‍රදේශයේ සිදු වූ යතුරුපැදි සොරකමක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී ඊට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (02) දෙහිවල , සිරිසස බෝ පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .

සැකකරුගෙන් අනාවරණය කර ගත් තොරතුරු වලට අනුව සොරකම් කරන ලද පාපැදි 11ක් සොයා ගැනීමට හැකිව තිබේ.

මෙම සැකකරුට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය මඟින් වරෙන්තු 4ක් නිකුත් කර ඇති බව වාර්තා වේ .

සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙක් වන අතර ඔහුව අද (03) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .

Exit mobile version