මුම්බායි ගුවන්තොටුපළ වසා දැමේ.

ඉන්දියාවේ මුම්බායි ගුවන් තොටුපළ තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ.

මගීන් 06 දෙනකු සහ ගුවන් නියමුවා හා සහායක ගුවන් නියමුවා සහිතව ඊයේ (14) සවස විශාඛාපට්නම් සිට පැමිණි ලියර් ජෙට් ගුවන් යානයක් ගොඩ බෑමේදී ගුවන් පථයේ දී ලිස්සායාම නිසා මෙලෙස වසා දමා ඇති බව සදහන්.

ගුවන් යානය ලිස්සායාම නිසා ඇතිවූ අනතුරින් මගීන් 06 දෙනා සහ ගුවන් නියමුවා හා සහායක නියමුවා වහාම රෝහල් ගත කර තිබේ.

අධික වර්ෂාව මැද ගුවන් යානය ගොඩබෑමේදී මෙම අනතුර සිදුව ඇති බව සදහන්.

Exit mobile version