මුම්බායි ඉන්දියන්ස් අවසන් වටයට.

ඉන්දීය ප්‍රිමියර්ලීග් තරඟාවලියේ ඊයේ (21) පැවති තරඟයෙන් ජයගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ඇති බව වාර්තා වේ.

එමෙන්ම චෙන්නායි සුපර් කිංග්ස් , ගුජරාට් ටයිටන්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් යන කණ්ඩායම් ද මේ වන විටත් අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ඇති බව සඳහන්.

එමෙන්ම ගුජරාට් ටයිටන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර අවසන් වටයේ පළමු තරඟය හෙට (23) පැවැත්වෙන අතර එයින් ජය ගන්නා කණ්ඩායම අයි.පී.එල්. අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන බවත් , පසුව අනිද්දා (24) දින අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූ ලක්නව් සුපර් ජයන්ට්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම්  තරඟවදින අතර එයින් ජයගත් කණ්ඩායම අවසන් වටයට සුදුදුසුකම් ලැබීමේ පළමු තරඟයෙන් පරාජයට පත්වන කණ්ඩායම සමඟ තරඟ වැදිය යුතු බවත් සඳහන්. අනතුරුව එයින් ජය ගන්නා කණ්ඩායම අවසන් මගා තරඟයට එක් වේ.

Exit mobile version