IPL තරගාවලියට අදාළව ඊයේ (30) පැවති තවත් තරගයකින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරදවා කඩුලු හයක ජයක් ලබා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වූ බවට වාර්තා වේ.
තරගයේ පළමු පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 212 ක්ද රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේදී කඩුලු 3ක් දැවී එම සීමාව පසුකර ගොස් ඇති බව සදහන්.
