අගුණුකොළපැලැස්ස, දංදෙනිගම ප්‍රදේශයේදී ඊයේ (24) රාත්‍රියේ පුද්ගලයෙකුගේ ගෙලට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙන බව වාර්තා වේ.
අගුණුකොළපැලැස්ස, තෙරුංගම ප්‍රදේශයේ වයස අවුරුදු 51ක පුද්ගලයෙකු වූ මොහු ගොයම් කපන යන්ත්‍රයක හිමිකරුවෙකු වන අතර ඔහුගේ සේවකයෙක් දංදෙනිගම ප්‍රදේශයේ එම යන්ත්‍රයේ වැඩකරමින් සිටින අතරතුර මෙම පුද්ගලයා ත්‍රීරෝද රථයෙන් එම ස්ථානයට ගොස් නැවත නිවසට පැමිණෙමින් සිටියදී ගෙළට තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර තිබේ.
මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අගුණුකොළපැලැස්ස පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ආරම්භ කර තිබේ.
