සංගීතය මරණයකින් කෙලවර වේ.

බටගොඩ නිව්ටල් වත්ත ක්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයක් අවසානයේ දෙපිරිසක් අතර ඇති වූ
ගැටුමක් අතරතුරදී එක් පුද්ගලයකුට තියුණු ආයුධවලින් පහර දී ඊයේ (17) රාත්‍රියේ ඝාතනය කරනු ලැබු බවට වාර්තා වේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 37 හැවිරිදි අරුණ මංගල ජයවර්ධන නැමැති විවාහක තරුණයෙකි.දෙපිරිස අතර ඇතිවූ ගැටුමෙන් තුවාල ලැබූ දෙදෙනෙකු හොරණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර තවත් දෙදෙනෙකු නාගොඩ රෝහලට ඇතුලත් කර ඇත. බරපතළ තත්වයේ පසු වූ අයෙක් කොළඹ රෝහලට මාරු කර යවා ඇති බවට වාර්තා වේ.

Exit mobile version