නාමල්ට තව වයස තියෙනවා – මහින්ද කියයි.

ජනතාවට උහුලාගත නොහැකි බඩු මිල සම්බන්ධයෙන් ඉදිරියේ දී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (30) පෙරවරුවේ කොළඹ 07 ධර්මායාතන පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් හට පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

අද (30) මහින්ද රාජපක්ෂ මහතා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදුටු අතර එම හමුවෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ පැනයන්ට මෙලෙස පිළිතුරු ලබා දී තිබේ .

එමෙන්ම ඕනෑම අවස්ථාවක පොදුජන පෙරමුණ මැතිවරණයක් සඳහා සූදානම් බවත් , ඒ සඳහා කිසිදු බියක් නොමැති බවත් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරන ලදී .

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පිළිබඳ මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ඔහුට තවත් වයස ඇති බවයි.

Exit mobile version