නාමල් රට හදන්න ඕනි විදිය කියල දෙයි.

රටේ පැරණි හෝ නූතන පරම්පරාවට අයත් කවුරුන් හෝ වේවා රටේ පවතින සංස්කෘතියට ගරු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තංගල්ල ශාඛා සමිතිය පිහිටුවීමේ ජනහමුවට සහභාගී වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ ,

සංස්කෘතියට ගරු කරන දරුවෙක් සමාජයට දායාද කරන එක දෙමාපියන් සතු වගකීමක්. ඒක සිංහල , දමිල , මුස්ලිම් සහ බර්ගර් යන යන ඕනෑම සංස්කෘතියකට සරිලන ලෙස අපි දරුවන් නිර්මාණය කල යුතුයි . ඒක තමයි දෙමාපියන් ලෙස අපගේ යුතුකම සහ වගකීම. මුස්ලිම් දරුවෙක් මුස්ලිම් සංස්කෘතියට අනුකූලව ඇදුමක් ඇදීමටවත් , දමිල තරුණයෙක් වේට්ටිය ඇදීමටවත් , සිංහල තරුණයෙක් සරම ඇදීමටවත් ලැජ්ජා විය යුතු නැහැ. සංස්කෘතියට ආගමට ගරු කරන සමාජය තුලින් රටේ ආර්ථික වර්ධනයට අදාල ප්‍රතිලාභ ලඟා කර ගත හැකිය.

Exit mobile version