ජලභීතිකාව වළක්වන්න රට පුරා වැඩසටහන්.

ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය මගින් ලෝක පශු වෛද්‍ය දිනයට සමගාමීව සුනඛ වන්ධ්‍යාකරණය සහ ජලභීතිකා එන්නත් කිරීමේ වැඩසටහන් රැසක් රට පුරා ක්‍රියාත්මක කළ බව එම සංගමයේ සභාපති ආචාර්ය වෛද්‍ය ඩිලාන් සමරසිංහ මහතා ප්‍රකාශ කළ බවට වාර්තා වේ.

එම වැඩසටහන් මිල්ලනිය,රත්නපුර පශු වෛද්‍ය රෝහල ,කෑගල්ල පශු වෛද්‍ය කාර්යාලය ,කිරිවත්තුඩුව කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවල පැවැත්විණි.

වගකීම් සහිත සුරතල් සතුන්ගේ හිමිකාරිත්වය සහ නගර ආශ්‍රිත වන ජීවින් පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීම හා සත්ත්ව පාලන වැඩසටහන් රැසක් එහිදී ක්‍රියාත්මක කළ බවද සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version