පුහුණුව අතරතුර නාවික හමුදා සෙබළා දියේ ගිලෙයි.

පුහුණු රාජකාරියක් අතරතුර දියේ ගිලී නාවික හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ (15) දින උදෑසන හික්කඩුව පොලිස් වසමේ පන්නම්ගොඩ ප්‍රදේශයේ මුහුදු තීරයේ දී එම අනතුර සිදුව ඇති බවයි.

පුහුණු රාජකාරියේ යෙදී සිටි නාවික සෙබළුන් කිහිපදෙනක් අතරින් එක් සෙබළෙක් දියේ ගිලී අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන්.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 33ක් වූ කටුවන, දොඩන්දූව ප්‍රදේශයේ තරුණයෙකි.

මේ පිළිබඳව හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Exit mobile version