කැලණිවැලි දුම්රිය මාර්ගයේ නාරාහේන්පිට සහ නුගේගොඩ දුම්රිය ස්ථාන අතර පිහිටි නාවල පාර දුම්රිය හරස් මාර්ගය නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 9 වැනිදා පෙරවරු 8.00 සිට පසුදින (10) පෙරවරු 6.00 දක්වා වසා තබන බවට දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එම දුම්රිය හරස් මාර්ගය 9 වැනිදා පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා අර්ධ වශයෙන් ද, එදින පස්වරු 3.00 සිට 10 වැනිදා පෙරවරු 6.00 දක්වා සම්පූර්ණයෙන් ද, වසා තබන බවත් එම කාලය තුළ වාහන සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසා තිබේ.